ඒකාබද්ධ මෝටර් වාහන (රියදුරු බලපත්‍ර අයභාර) නියෝග (2022 අංක 03 දරන නියෝග සහ 2025 නොවැම්බර් 17 දින දක්වා සංශෝධන ඇතුළත්ය)

නියෝග

  1. මෙම නියෝග 2022 අංක 03 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර අයභාර) නියෝග යනුවෙන් හඳුන්වනු ලැබේ.
  2. මෙම නියෝගවල I වන උපලේඛනයේ I වන තීරයේ නිශ්චිතව දක්වා ඇති අරමුණු සඳහා සාමාන්‍ය සේවය සහ එක්දින සේවය සම්බන්ධයෙන් ගෙවිය යුතු අයභාරය පිළිවෙලින්, එම උපලේඛනයේ II වන තීරයේ සහ III වන තීරයේ අනුරූප සටහන්වල නිශ්චිතව දක්වා ඇති පරිදි විය යුතුය.
  3. මෙම නියෝගවල II වන උපලේඛනයේ I වන තීරයේ නිශ්චිතව දක්වා ඇති මාර්ගගත සේවය සඳහා ගෙවිය යුතු අයභාරය එම උපලේඛනයේ II වන තීරයේ අනුරූප සටහනේ නිශ්චිතව දක්වා ඇති පරිදි විය යුතුය.
  4. 2009 මාර්තු මස 26 වැනි දින අංක 1594/27 දරන අති විශෙෂ ගැසට්‌ පත්‍රයේ පළකරන ලද 2009 අංක 01 දරන රියදුරු බලපත්‍ර (අයභාර) නියෝග මෙයින් පරිච්ඡින්න කරනු ලැබේ.

I වන උපලේඛනය සාමාන්‍ය සේවය සහ එක්දින සේවය සඳහා අයභාර

 

I වන තීරය (නිකුත් කිරීමේ අරමුණ)

II වන තීරය (සාමාන්‍ය සේවා අයභාරය - රු.)

III වන තීරය (එක්දින සේවා අයභාරය - රු.)

1. පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් සහ අලුත් රියදුරු බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීම

   

(අ) එක් පන්තියක් සඳහා:

2,500.00

3,500.00

(ආ) එකවර පන්ති දෙකක් සඳහා:

3,000.00

4,000.00

(ඇ) එකවර පන්ති තුනක් හෝ කිහිපයක් සඳහා

3,500.00

4,500.00

2. රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණය සඳහා නැවත ඉල්ලුම් කිරීම සඳහා

500.00

-

3. "එල් තහඩු" යුගලයක් සඳහා ඉල්ලුම් කිරීම -

   

(අ) 11" x 9" ප්‍රමාණය

1,000.00

1,000.00

(ආ) 5" x 4" ප්‍රමාණය

500.00

500.00

4. රියදුරු බලපත්‍ර ප්‍රායෝගික පරීක්ෂණය සඳහා නැවත ඉල්ලුම් කිරීම සඳහා

1,000.00

-

5. පවත්නා රියදුරු බලපත්‍රයට අලුත් වාහන පන්ති එකතු කිරීම -

   

(අ) එක් පන්තියක් සඳහා:

2,500.00

3,500.00

(ආ) එකවර පන්ති දෙකක් සඳහා:

3,000.00

4,000.00

(ඇ) එකවර පන්ති තුනක් හෝ කිහිපයක් සඳහා

3,500.00

4,500.00

6. රියදුරු බලපත්‍රයක් අලුත් කිරීම හෝ එහි වලංගු කාලය දීර්ඝ කිරීම

   

(අ) එක් කාල පරිච්ඡේදයක් සඳහා;

2,800.00

4,000.00

(ආ) වසරක් හෝ වසරකට අඩු කාලයක් කල් පසුවීම වෙනුවෙන් ගෙවිය යුතු අමතර අයභාරය

500.00

-

7.

   

(අ) පවත්නා වලංගු කාලය සඳහා රියදුරු බලපත්‍රයක අනුපිටපතක් නිකුත් කිරීම සඳහා;

2,800.00

4,000.00

(ආ) රියදුරු බලපත්‍රය අස්ථානගත වීම හේතුවෙන් පවත්නා වලංගු කාලය සඳහා රියදුරු බලපත්‍රයේ අනුපිටපතක් නිකුත් කිරීම සඳහා:

7,800.00

9,000.00

(ඇ) වසරක් හෝ වසරකට අඩු කාලයක් කල් පසුවීම වෙනුවෙන් ගෙවිය යුතු අයභාරය

500.00

-

8. රියදුරු බලපත්‍රයක උද්ධෘතයක් නිකුත් කිරීම සඳහා

1,000.00

-

9. රියදුරු බලපත්‍රයක විස්තර වෙනස් කිරීම සඳහා

3,300.00

4,500.00

10. මෙම තීරයේ ඉහත 5, 6 සහ 7 වන අයිතමවල සඳහන් කර ඇති පරිදි

(අ) පවත්නා රියදුරු බලපත්‍රයට අලුත් වාහන පන්ති එකතු කිරීම;

(ආ) රියදුරු බලපත්‍රය අලුත් කිරීම හෝ එහි වලංගු කාලය දීර්ඝ කිරීම; හෝ

(ඇ) රියදුරු බලපත්‍රයේ අනුපිටපතක් නිකුත් කිරීම,

සම්බන්ධයෙන් අලුත් රියදුරු බලපත්‍රයක් නිකුත් කරනු ලබන අවස්ථාවේ දී II වන තීරයේ සහ III වන තීරයේ අනුරූප සටහනේ නිශ්චිතව දක්වා ඇති අයභාරයට අමතරව, රියදුරු බලපත්‍රයේ විස්තර වෙනස් කිරීම සඳහා.

500.00

500.00

11. පවත්නා රියදුරු බලපත්‍රය අලුත් රියදුරු බලපත්‍රයක් බවට පරිවර්ථනය කිරීම සඳහා

2,800.00

4,000.00

12.

   

(අ) ශ්‍රී ලංකාවෙන් බැහැරව නිකුත් කරන ලද රියදුරු බල පත්‍රයක් හෝ ඒ හා සමාන යම් රියදුරු බලපත්‍රයක් දරන්නකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියකු වෙත රියදුරු බල පත්‍රයක් නිකුත් කිරීම

30,000.00

30,000.00

(ආ) ශ්‍රී ලංකාවෙන් බැහැරව නිකුත් කරන ලද රියදුරු බල පත්‍රයක් හෝ ඒ හා සමාන රියදුරු බලපත්‍රයක් දරන්නකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන තැනැත්තකු වෙත රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම

60,000.00

60,000.00

13.

   

(අ) ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන තැනැත්තකු වෙත රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම

45,000.00

45,000.00

(ආ) ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන තැනැත්තකු වෙත නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක් අලුත් කිරීම

15,000.00

15,000.00

(ඇ) රියදුරු බල පත්‍රය විනාශ වී, දුර්වර්ණ වී හෝ හානි වී ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන තැනැත්තකු වෙත එම රියදුරු බලපත්‍රයේ අනුපිටපතක් නිකුත් කිරීම

15,000.00

15,000.00

(ඈ) රියදුරු බලපත්‍රය හානි වී ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන තැනැත්තකු වෙත එම රියදුරු බල පත්‍රයේ අනුපිටපතක් නිකුත් කිරීම

30,000.00

30,000.00

14.

   

(අ) ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන ආගන්තුකයකු වෙත තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම

   

(i) මාසයක කාල සීමාවක් සඳහා

15,000.00

15,000.00

(ii) මාසයකට වැඩි සහ මාස දෙකක් දක්වා කාල සීමාවක් සඳහා

21,000.00

21,000.00

(iii) මාස දෙකකට වැඩි සහ මාස හයක් දක්වා කාල සීමාවක් සඳහා

30,000.00

30,000.00

(iv) මාස හයකට වැඩි සහ මාස දොළහක් දක්වා කාල සීමාවක් සඳහා

45,000.00

45,000.00

(ආ) ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන ආගන්තුකයකු වෙත තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම

   

(i) මාස තුනක කාල සීමාවක් සඳහා

15,000.00

15,000.00

(ii) මාස තුනකට වැඩි සහ මාස හයක් දක්වා කාල සීමාවක් සඳහා

18,000.00

18,000.00

(iii) මාස හයකට වැඩි සහ මාස දොළහක් දක්වා කාල සීමාවක් සඳහා

24,000.00

24,000.00

15. ජාත්‍යන්තර රියදුරු අවසර පත්‍රයක් නිකුත් කිරීම සඳහා:

3,000.00

3,500.00

16. (ඇසුරුම් ගාස්තු, භාරදීමේ ගාස්තු සහ කුරියර් ගාස්තු ඇතුළුව) තැපැල් ගාස්තු

225.00

-

II වන උපලේඛනය විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍ර ලාභීන් සඳහා වන මාර්ගගත සේවා සඳහා අයභාර

I වන තීරය (මාර්ගගත සේවය)

II වන තීරය (අයභාරය - ඇ. ඩො.)

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික පුරවැසියකු විසින් අදාළ ශ්‍රී ලංකික තානාපති කාර්යාලය හෝ මහ කොමසාරිස් කාර්යාලය හරහා විද්‍යුත් ලිපියක් මගින් කරනු ලබන ඉල්ලීමක් මත, මෝටර් වාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක තොරතුරු මාර්ගගත ක්‍රමයට සත්‍යාපනය කිරීම සඳහා

25