අපගේ දැක්ම

ප්‍රමිතිගතව සහ තාක්ෂණිකව මෙහෙයවන ක්‍රියාවලියකින් මෝටර් රථ නියාමනය හා පාලනය කරන ප්‍රතිචාරාත්මක සංවිධානයක් තුළින් විශිෂ්ඨත්වය.

අපගේ මෙහෙවර

සාමූහික ප්‍රයත්නය හා නව තාක්ෂණය කාර්යක්ෂමව යොදා ගනිමින් මෝටර් වාහන පනත හා අනෙකුත් නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තුළින් ප්‍රතිචාරාත්මක සංවිධානයක් නිර්මාණය කිරීම.

 

තත්ත්ව ප්‍රතිපත්තිය

“ප්‍රමිතිගතව සහ තාක්ෂණිකව මෙහෙයවන ක්‍රියාවලියකින් මෝටර් රථ නියාමනය හා පාලනය කරන ප්‍රතිචාරාත්මක සංවිධානයක් තුළින් විශිෂ්ඨත්වය” යන අප දෙපාර්තමේන්තුවේ දැක්ම සාධනය කර ගැනීම සදහා දිවයින පුරා විහිදී සේවා මධ්‍යස්ථාන ජාලයකින් සැදුම්ලත් අප, අභිප්‍රේරණය වූ කාර්‍ය මණ්ඩලයක සාමූහික ශක්තිය සමගින් කැපවී සිටිමු.
එකී දැක්ම යථාර්තයක් කර ගැනීම පිණිස,


• කාලීන සමාජ අවශ්‍යතාවයනට සංවේදී ව යාවත්කාලීන කෙරෙන අණ පනත් හා රෙගුලාසි වලින් ශක්තිමත් වීමටත්,
• නවීන තාක්ෂණික භාවිතාවන්ගෙන් පෝෂණය වූ වඩාත් ප්‍රමිතිගත සේවාවන් නිර්මාණය කිරීමටත්,
• තෘප්තිමත් සේවා පරිසරයක් නිරතුරු ව සහතික කිරීමටත්,
• හානිකාරී ක්‍රියාවලීන් පිළිබඳ අවබෝධයෙන් යුතුව නිරන්තර වැඩිදියුණූව ඇති කරගනිමින්,
• උසස් , කාර්‍යක්ෂම හා ඵලදායි සේවාවක් සේවාලාභීන් වෙත ලබා දීමටත්,


ඒ සදහා ISO9001:2015 තත්ත්ව කළමනාකරණ පද්ධතියට අනුකූලව කැපවීමෙන් යුතුව කටයුතු කිරීමටත් නිරතුරු ව බැදී සිටිමු.

අපේ වටිනාකම් වන්නේ

  • සංවිධානය තුළින් ඉහළ මහජන ප්‍රසාදයක් අත්කර ගැනීම
  • ක්‍රියාවලිය තුළින් කාර්යක්‍ෂම හා ඵලදායීතාවය දියුණු කර ගැනීම
  • සේවාලාභියාට සේවාලාභී තෘප්තිය අත්කර දීම
  • සේවක පිරිස අභිප්‍රේරණය කිරීම

අපගේ අරමුණු වන්නේ

  • මෝටර් රථ වාහන පනතට අදාළ කටයුතු කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස ඉටුකිරීම
  • අනෙකුත් අදාළ නීති රීති රෙගුලාසි කාර්යක්‍ෂම හා ඵලදායී ලෙස ඉටුකිරීම
  • ආයතනය තුළ මානව, භෞතික හා මූල්‍ය සම්පත් ප්‍රශස්ථ ලෙස යොදා ගැනීම

අපගේ නෛතික පදනම

  • 1951 අංක 14 මෝටර් රථ වාහන පනත (203 වන අධිකාරිය)
  • 2009 අංක 08 මෝටර් රථ වාහන (සංශෝධන) පනත