මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ජංගම සේවය  කුරුණෑගල ජනතාව වෙනුවෙන්ම  විවර වූ අවස්ථාව

2023 අගෝස්තු 12 සහ 13 දෙදින   මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සංවිධානය කළ "ජංගම සේවය" කුරුණෑගල  සිටින  සේවාලාභීන්  ඉලක්ක කරගනිමින් කුරුණෑගල සර් ජෝන් කොතලාවල  විද්‍යාලයේදී පැවැත්විණි.  මෙම අවස්ථාවට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමන් හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමන් ද සහභාගි වුනි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, වයඹ  පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා කුරුණෑගල  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව පවත්වනු ලැබූ මෙම  "ජංගම සේවය" තුළින් පහත සේවාවන්  පහසුවෙන්ම ලබාගත හැකි වුනි

*2014/2015 වර්ෂවල රාජ්‍ය නිලධාරීන්ට ලබා දුන් යතුරුපැදිවල කොන්දේසි ඉවත් කර අදාළ නිලධාරීන්ට පවරා දීම.

*, වාහනය ලියාපදිංචි සහතිකයේ යම් යම් සංශෝධන සිදු කිරීම.

* නව රියැදුරු බලපත්‍ර සදහා   අයදුම්පත්‍ර බාර ගැනීම .

*රියදුරු බලපත්‍රයක හෝ වාහනයක තොරතුරු ඇතුළත් උදෘතයක් හෙවත් Extract එකක්  ලබා දීම .

*සියලුම වාහන සඳහා පැවරුම් ලියාපදිංචි කිරීම.

*   වාහනය පරීක්ෂා කර, බර සහතිකය හෝ අනන්‍යතා  සහතිකය   ලබාදීම.
*  සිලින්ඩර ධාරිතාව 50ට අඩු යතුරු පැදි ලියාපදිංචි කිරීම .

* මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් සේවාවක් සදහා අයදුම්කර තවම ඊට නිශ්චිත විසඳුමක් ලැබී නැති  ගැටළු සඳහා විසඳුම් ලබාදීම.

* දීර්ඝ කාලයක සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නොහැකිව අසාදු ලේඛන ගතවූ  වාහන  සඳහා නැවත ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නිර්දේශිත ලිපි නිකුත් කිරීම.

*සාක්ෂරතාවය අඩු පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාගැනීමට  විශේෂ විභාග  පැවැත්වීම.

* ආබාධිත පුද්ගලයන්  සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමට අවශ්‍ය වෛද්‍ය තාක්ෂණ කමිටුවේ නිර්දේශයන් ලබා දීම.

* යතුරු පැදි සඳහා පමණක් දුර්වර්ණ වූ චැසි හා එංජින් අංක දේශීය වශයෙන් මුද්‍රණය කිරීම.

* මාර්ග ආරක්ෂාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීමේ වැඩ සටහන්  පැවැත්වීම .

ආදී සේවාවන් මෙන්ම ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් උදෙසා තවත් සේවාවන් රැසක්ම දියත් කරන්නට යෙදුනි.

එසේම මෙන් මෙදින කුරුණෑගල පුරා විසිරී සිටින රියදුරු පුහුණු පාසල් වල නියෝජිතයින් හා  ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යතුමන් අතර සාකච්ඡාවක් ද පැවැත්වුණි.